ඔබේ ලැප්ටොප් බැටරියේ ආයු කාලය වැඩි කර ගන්නේ කොහොමද?

හරිම වැදගත්, කියවන්න හිතෙන මාතෘකාවක් නේද? සාමාන්‍යයෙන් ලැප්ටොප් කොම්පියුටර් එකක් තියෙන් සෑම කෙනෙක්ම උනන්දුවෙන කාරණාවක්. මට හිතුනා ඒ උනන්දුවේ තරම ගැන ටිකක් හොයලා බලන්න. මම Google එකේ පොඩි search පාරක් දැම්මා “how to get the most from your laptop battery” කියලා, ප්රතිපලය මොකක්ද දන්නවද? මුලු පිටු ගණන 33,900,000 ක්! ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ මේ මාතෘකාවේ තියෙන බරපතලකම…

නමුත් බලාපොරොත්තු කඩ කලාට සමාවෙන්න! මම මේ ලිපියෙන් ඔයාලට කියන්න හදන්නේ “ඔබේ ලැප්ටොප් බැටරියේ ආයු කාලය වැඩි කර ගන්නේ කොහොමද?” කියන එක ගැන නෙවෙයි.

“එහෙනම් මෙච්චර ලස්සන මාතෘකාවක් දාලා මේක පටන් ගත්තේ මොන මගුලකට ද ඕයි?” කියලා සමහර විට ඔයාලා මගෙන් අහයි!

මම මේ ලිපියෙන් කියන්න හදන්නේ ඔබේ ලැප්ටොප් බැටරියේ ආයු කාලය වැඩි කරන හැටි ගැන නොවෙයි, මේ වගේ ආකර්ෂණීය, සිත් ඇදගන්නා සුලු මාතෘකා දාලා ඔබගේ ලැප්ටොප් එකේ මුලු වටිනාකමින් 20% කට වඩා වග කියන (සමහර විට මුලු ලැප්ටොප් එකේම වටිනාකම තීරණය වෙන්නේ බැටරි එකේ ධාරිතාව මත) ලැප්ටොප් බැටරි එකට කෙලවන්න හදන සමහර (බ්ලොග්, වෙබ් සයිට්, ෆේස්බුක් පිටු වල පල කරන) ලිපි, වීඩියෝ පට (හෝ වෙනත් එවැනි පල කිරීම්) හදුනාගෙන ඒවායින් ඈත්ව ඉන්නේ කොහොමද කියන එක ගැනයි.

මම මේ ගැන කියන්න පොඩි කතන්දරයක් මේකට ඈදා ගන්නම්.

දැනට දින කිහිපයකට කලින් මම ෆේස්බුක් ලොග් වෙලා ඉන්නකොට  “ඔබේ ලැප්ටොප් බැටරියේ ආයු කාලය වැඩි කර ගන්නේ කෙසේද?” කියලා පෝස්ට් එකක් දැක්කා. මම ඒක කියවලත් බැලුවා. ඒකේ තිබුන සමහර කරුණු වලට එකග වෙන්න පුලුවන් වුනත්, ඒ ලිපියේ සම්භවය ගැන තිබුන තොරතුරු නම් ප්රමාණවත් නෑ. ඒ නිසාම ඒ ලිපියේ විශ්වාසවන්ත බවක් තිබුනේ නෑ. ඒ ලිපියේ සම්භවය ගැන තිබුන එකම දේ තමයි “අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.” කියන වාක්‍ය ඛණ්ඩය.
ඉතින් මොකක්ද මේකේ තියෙන අවුල?

මම මේ ලිපියේ ආරම්භයේ කිව්ව විදියට, “how to get the most from your laptop battery” කියන search term එකට ලැබෙන මුලු පිටු ගණන 33,900,000 ක්! මේ term එක විවිධ විදියට අන්තර්ජාලයේ search කරන්න පුලුවන්. එහෙම බැලුවොත් ලැබෙන ප්රතිපලය මීට වඩා බරපතලයි. 33,900,000 වගේ සිය ගුණයකටත් වඩා වැඩි වෙන්න පුලුවන්.

එතකොට මම අර කියපු ලිපිය උපුටා ගත්තේ අන්තර්ජාලයේ මොන වෙබ් පිටුවෙන් ද? ඒ වෙබ් පිටුව අයත් වෙබ් අඩවිය මොකක් ද? ඒ වෙබ් අඩවිය මොන තරම් විශ්වාසවන්ත ද? දැන් ඔයාලට සැබෑ ප්රශ්නය තේරෙනවා නේද?

මම පොඩි උදාහරණයක් කියන්නම්, කවදාවත් ලැප්ටොප් එකක් අල්ලලාවත් නැති කෙනෙක් phone battery එක උපකල්පනය කරලා phone කියන වචනය වෙනුවට laptop කියන වචනය දාලා “ඔබේ ලැප්ටොප් බැටරියේ ආයු කාලය වැඩි කර ගන්නේ කෙසේද?” කියලා පෝස්ට් එකක් අන්තර්ජාලයේ පළ කරනවා. කිසිම වග විභාගයක් නැතිව ඒ ලිපිය අනුගමනය කලොත් මොකද වෙන්නේ? laptop battery එකට දෙයියන්ගේම පිහිටයි.

ඒ නිසා මේ වගේ ලිපි වලින් ප්රවේශම් වෙන්න. අවශ්‍යම නම් විශ්වාසවන්ත වෙබ් අඩවියක පළ කර ඇති ලිපි පිළිබදව පමණක් විශ්වාසය තබන්න. එසේත් නැතිනම් එවැනි වෙබ් අඩවියකින් උපුටා ගෙන පළ කරන ලද ලිපි(යක්) පමණක් අනුගමනය කරන්න.

එහෙමත් නැතිනම් මෙන්න මම නිර්දේශ කරන හොදම දේ තමයි, ඔබට අවශ්‍ය ඔබේ ලැප්ටොප් බැටරි එකේ ආයු කාලය වැඩි කර ගන්න හැටි දැන ගන්න නම්, ඒ බැටරියේ නිශ්පාදකයාගෙන් අසා දැනගන්න. උදාහරණයක් කියන්නම්, මට තියෙන්නේ Toshiba laptop එකක් නම්. මට මගේ laptop battery එක ගැන දැනගන්න ඕන නම් යන්න ඕනෙ හොදම තැන තමයි http://toshiba-asia.com/support/ වෙබ් අඩවිය. මොකද Toshiba cooperation තරම් මගේ laptop battery එක ගැන දන්න වෙන කවුරුවත් ඉන්න විදියක් නෑ.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ, ආවාට ගියාට කවුරුවත් දෙන උපදෙස් අහලා ඔබේ ලැප්ටොප් එකේ වටිනාම කොටසක් වන බැටරිය විනාශ කරගන්න එපා!

මේ ලිපිය ගැන ඔබේ අවංක අදහස comment එකක් විදියට මේ ලිපියේ පළ කරන්න, ඒ වගේම අන් අයගේ දැනුම්වත් වීම පිණිස මේ ලිපිය Facebook, Twitter, Google+ හරහා share කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s